ඇෆ්ගනිස්ථානයේ නගර කීපයකට මාසයක කාලයක් සදහා ඇදිරිනීතිය පනවා ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
ඇෆ්ගනිස්ථානය තුළ ක්‍රියාත්මක තලේබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමේ අරමුණෙනුයි ඇදිරිනීතිය පනවා ඇත්තේ. රාත්‍රී 10 සිට උදෑසන 4 දක්වා කාබුල් ඇතුළු තවත් නගර දෙකකට මෙලෙස ඇදිරිනීතිය පනවා තිබෙනවා.
ඇමෙරිකාව ප්‍රමුඛ විදෙස් භට කණ්ඩායම් ඇෆ්ගනිස්ථානයෙන් තම හමුදා ඉවත්කර ගැනීමත් සමග එරට තලේබාන් ත්‍රස්ත ක්‍රියාකාරකම් ඉහළ ගියා. පසුගිය මාස 2 ක කාලය තුළදී රජයේ හමුදා හා ත්‍රස්ත කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් බහුතරයකින් රජයේ හමුදා පසුබැස ඇති බව වාර්තා වනවා.
The post ඇෆ්ගනිස්ථානයේ නගර කීපයකට මාසයක කාලයක් සඳහා ඇඳිරිනීතිය appeared first on ITN News.
Post a Comment