ටියුනීසියා ජනාධිපති එරට අග්‍රාමාත්‍යවරයාව ධූරයෙන් පහකර තිබෙනවා. එරට පාර්ලිමේන්තුව රැස්වීමද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
ටියුනීසියා රජය කොරෝනා වයිරස ව්‍යාප්තිය මැඩලීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී විරෝධතා ව්‍යාපාර ආරම්භ වුණා. රජය ඉල්ලා අස්විය යුතු බවටයි උද්ඝෝෂකයින් පවසා සිටියේ. උද්ඝෝෂකයින්ගේ බලපෑම හේතුවෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයාව ධූරයෙන් පහ කර ඇති බව විදෙස් විශ්ලේෂකයින් සදහන් කරනවා. ජනාධිපතිවරයාගේ තීරණය සම්බන්ධයෙන් ජනතාව ප්‍රීතිඝෝෂා නගමින් වීථිවල ගමන් කරන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වුවද ජනාධිපතිවරයාගේ මෙම තීරණය අත්තනෝමතික ක්‍රියාවක් ලෙසයි එරට දේශපාලනඥයින් පෙන්වා දෙන්නේ.
The post ටියුනීසියා ජනාධිපති එරට අග්‍රාමාත්‍යවරයාව ධූරයෙන් පහ කරයි appeared first on ITN News.
Post a Comment