සිඩ්නි නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ විශාලතම නගරයක් ලෙස සැලකෙන සිඩ්නි නගරයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රලෙස ඉහළ යමින් පවතින බවයි එරට සෞඛ්‍ය අංශ දැනුම් දී තිබෙන්නේ. තත්ත්වය සැලකිල්ලට ගනිමින් හදිසි තත්ත්වයක් පැනවීමට කටයුතු කළ බවයි නගර බලධාරීන් පවසන්නේ.
ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මෙලෙස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මාසයක කාලයක් සිඩ්නි නගරය සම්පූර්ණයෙන්ම වසා දැමීමට කටයුතු කර තිබුණා.
ඊයේ දිනයේ දී හදුනාගත් නව ආසාදිතයින් 136 දෙනෙකු සමග සිඩ්නි නගරයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1782ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
තත්ත්වය සැලකිල්ලට ගනිමින් එන්නත්කරණ වැඩසටහන වහාම කඩිනම් කළ යුතු බව ඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අවධාරණය කරනවා.
The post සිඩ්නි නගරයට හදිසි තත්ත්වයක් ප්‍රකාශය කෙරේ appeared first on ITN News.
Post a Comment