Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හයිටි රාජ්‍යයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව සදහා ජාත්‍යන්තරයේ සහාය අවශ්‍යයි  

Add comments

හයිටි රාජ්‍යයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව සදහා ජාත්‍යන්තරයේ සහය අවශ්‍ය බව එරට අන්තර්වාර අග්‍රාමාත්‍ය ක්ලෝඩ් ජෝසප් අවධාරණය කරනවා.

හයිටි ජනාධිපති ජොවෙනෙල් මොයිස් ඝාතනයෙන් අනතුරුව එරට දේශපාලන  අස්ථාවරභාවයක් ඇතිවී ඇති බවයි අන්තර්වාර අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. එමෙන්ම එරට ආර්ථික මර්මස්ථාන ආරක්ෂාකර ගැනීම ද ගැටලුවක් වී තිබෙනවා. මෙම ඉල්ලීම සැලකිල්ලට ගනිමින් ඇමෙරිකාව ප්‍රමුඛ නේටෝ හමුදා හයිටි රාජ්‍ය වෙත යැවීමට ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කටයුතුකර තිබෙනවා.

හයිටි ජනාධිපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ ඇමෙරිකානුවන් පිළිබද වැඩිදුර පරීක්ෂණ ආරම්භ කිරීමට ද කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් 4 දෙනෙක් මේ වනවිට ඝාතනය කර ඇති අතර 17 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

 

 

 

The post හයිටි රාජ්‍යයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව සදහා ජාත්‍යන්තරයේ සහාය අවශ්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG