කොරෝනා නිසා රටම වසා දැමුණු මොහොතක නාගරික නිවාසවල ජනතාවට මානසික සහනයක් ලබාදීම සඳහා අපේ රටේ Drive-In Concert සංගීත ප්‍රසංග වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. මහල් නිවාස සංකීර්ණවලම ඉදිමින් එහෙමත් නැත්නම් වාහනවලින් ඇවිත් ඒ වාහන තුළ හිදිමින් මේ සංගීත ප්‍රසංගයට සම්බන්ධවෙන්න ලැබුණු ඒ ක්‍රමය ගොඩක් ඵලදායී වුණා. ඒ සාර්ථකත්වය ආදර්ශයට ගනිමින් දරුවන්ට අධ්‍යාපනය දෙන ඩ්‍රයිව් ඉන් සෙමිනා ක්‍රමය ආරම්භ කෙරුණා.
ගාල්ල හා ඒ අවට දරුවන්ට අපොස සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මෙසේ නොමිලේ පැවැත්වීමට ගුරුවරුන් පිරිසක් එක්ව සිටිනවා. එහි පළමු පියවර ලෙස ඩ්‍රයිව් ඉන් සෙමිනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුණා.
සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව තමන් පැමිණි වාහනය තුළ රැදී සිටිමින් අධ්‍යාපනය හැදෑරීමට මෙමගින් අවස්ථාව ලැබෙනවා. ඒ සදහා කිසිදු අයකිරීමක් සිදුවන්නේ නැහැ.
පාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ඔන්ලයින් අධ්‍යාපනය පවා වර්ජනය කර ඇති මොහොතක දරුවන්ගේ මානසික පීඩනය අවම කිරීමේ අරමුණෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ බවයි සම්මන්ත්‍රණ මාලාවේ සංවිධායක නොරාජ් විතානගේ මහතා පැවසුවේ.
සාමාන්‍ය පෙළ විෂයන් සියල්ල ආවරණය කරමින් 9/10 සහ 11 වසරවල විෂය නිර්දේශයන් මෙසේ සතිපතා ඉගැන්වීමට සැලසුම්කර තිබෙනවා.
The post Drive-In Seminar : දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන “ඩ්‍රයිව් ඉන් සෙමිනා” (VIDEO) appeared first on ITN News.
Post a Comment