ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මන්නාරම අරිප්පු වෙරළ ප්‍රදේශයේ සහ කල්පිටිය කළපු ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම් මඟින් නීතී විරෝධි ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ වියලි කහ කිලෝග්‍රෑම් 1377කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ඒ අනුව මන්නාරම අරිප්පු මුහුදු තීරය සහ වෙරළ ප්‍රදේශය ආවරණය වන පරිදි විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදුකරන ලදී. එහිදී, නාවික මෙහෙයුම් හමුවේ ජාවාරම් කරුවන් විසින් අරිප්පු වෙරළ තීරයේ අතහැරදමා යන ලද උර 11ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 449ක ප්‍රමාණයක් එහිදී නාවික හමුදා භාරයට ගන්නා ලදී.
එමෙන්ම, අගොස්තු 23 වන දින අරිප්පු වෙරළ ප්‍රදේශයේ සිදු කළ තවත් විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජාවාරම් කරුවන් විසින් අතහැර දමන ලද වියලි කහ කිලෝ 428 ග්‍රෑම් 400ක පමණ ප්‍රමාණයක් අසුරන ලද උර 14ක් සහිත ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
තවද, වයඹ නාවික විධානයට අයත් ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මඟින් අගෝස්තු මස 22 දින කල්පිටිය කළපුවේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ඉප්පන්තිවු දූපතේ අතහැර දමාගොස් තිබූ ඩිංගි යාත්‍රා දෙකක් (02) තුළ උර 15ක අසුරා තිබූ වියලි කහ කිලෝග්‍රෑම් 500ක පමණ තොගයක් සමඟ එම ඩිංගි යාත්‍රා නාවික හමුදා භාරයට ගන්නා ලදී.
වෙරළ තීරය ඔස්සේ සිදුකෙරෙන මෙවැනි ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා පවත්නා වසංගත තත්වය හමුවේ වුවද ලබාදී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නාවික හමුදාව සිදුකරනු ලබන අඛණ්ඩ මුර සංචාර සහ විශේෂ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් ජාවාරම් කරුවන් හට වියලි කහ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට නොහැකිව මෙලෙස අතහැර දමා යන්නට ඇතැයි විශ්වාස කෙරේ.
මෙම මෙහෙයුම් මඟින් නාවික හමුදා භාරයට ගත් වියලි කහ තොග සහ ඩිංගි යාත්‍රා ඉදිරි නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරන තෙක් නාවික හමුදා භාරයේ තබා ඇත.
The post නීති විරෝධී ලෙස ගෙන ආ වියලි කහ කිලෝ 1377කට අධික තොගයක් නාවික හමුදා භාරයට appeared first on ITN News.
Post a Comment