Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

චීනය සිය ජාතික අධ්‍යාපන විෂය මාලාවට ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය හඳුන්වා දීමට තීරණය කරයි  

Add comments

සිය ජාතික අධ්‍යාපන විෂය මාලාව සඳහා ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය හඳුන්වා දීමට චීනය තීරණය කර තිබෙනවා.

“ෂී ජින් පිංගේ සිතුවිල්ල” ලෙස හැඳින්වෙන මෙය එරට නව යොවුන් වියේ සිටින අයගේ මාක්ස්වාදී විශ්වාසයන් තහවුරු කර ගැනීමට උපකාරී වනු ඇති බවයි චීන අධ්‍යාපන අමාත්‍යංශය පවසන්නේ. චීන ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය එරට ප්‍රාථමික අංශයේ දරුවන්ගේ සිට විශ්ව විද්‍යාල දරුවන් දක්වා ලබා දීමටයි තීරණය කර ඇත්තේ. එරට පාලක චීන කොමියුනිස්ට් පක්ෂයේ කාර්යභාරය සමාජයේ විවිධ ක්ෂෙත්‍රයන් තුළ තහවුරු කර ගැනීම සඳහා චීන ජනාධිපතිවරයා සිදු කළ නවතම උත්සාහය මෙය බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. චීන අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සදාචාරාත්මක, බුද්ධිමය, ශාරීරික හා සෞන්දර්යාත්මක පදනමකින් සමාජවාදයේ නිර්මාතෘවරුන් සහ අනුප්‍රාප්තිකයින් බිහි කිරීම මෙහි ප්‍රධාන අරමුණ බවයි.

 

 

The post චීනය සිය ජාතික අධ්‍යාපන විෂය මාලාවට ජනාධිපතිවරයාගේ දේශපාලන මතවාදය හඳුන්වා දීමට තීරණය කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG