Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ ජංගම වෙළෙඳාම එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණයි  

Add comments

නිරෝධායන ඇදිරිනීතිය සමය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ කොව්ඩ් මර්දන එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බවත් එන්නත් මාත්‍රා දෙකම නොගත් පුද්ගලයන් ජංගම වෙළෙඳාමෙහි නිරත වුවහෙත් නිරෝධායන නීති යටතේ පියවර ගන්නා බවත් කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ප්‍රකාශ කරයි.

දිස්ත්‍රික් ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ නිරෝධායන ඇඳිරිනීති සමයේ කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සුභසාධනය පිළිබඳව දැනුවත් කිරීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අද (24) සංවිධාන කර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

නිරෝධායන සමයේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය බාධාවකින් තොරව සැපයීම සඳහා මීගොඩ, නාරාහේන්පිට, රත්මලාන සහ බෝකුන්දර යන ආර්ථික මධ්‍යස්ථාන 04 විවෘතව පවතී.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ම ආවරණය වන පරිදි ජංගම වෙළෙඳුන් 12294ක් ද තොග
වෙළෙඳ සල් 1489ක් ද ලියාපදිංචි කර ඇති අතර බෙදාහැරීම් මාර්ග 2345ක් හඳුනාගෙන ඇතැයි ද යසරත්න මහතා කීවේය.

දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වාදුන් පිරිදි කොළඹ දිස්ත්‍රිකයේ මුළු ජනගහනයෙන්  90%කට වඩා මේ වන විට කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 01ක් හෝ දී තිබේ. මෙතෙක් එන්නත් ගෙන නැති වයස අවුරුදු 60ට වැඩි සෑම පුද්ගලයෙකුම ඉදිරි දින කිහිපය තුළ එන්නත් කරනු ලැබේ.

කොරෝනා වසංගෙත සමයේ ජනතාවගේ සුභසාධනය සඳහා රජය විශාල මුදලක් වැයකර ඇත. පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ නිරෝධායනය වූ පවුල් 80370 කට අත්‍යවශ්‍ය අහාරද්‍රව්‍ය ඇතුළත් රුපියල් 10000ක ආහාර සලාකය දීම සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 698කි.

ඊට අමතරව විවිධ අවස්ථාවලදී හුදෙකලා කළ ප්‍රදේශවල ජීවත්වූ පවුල් 303491කට රුපියල් 5000ක වටිනාකමින් යුක්ත අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මල්ලක් ලබාදීම සඳහා රුපියල් මිලියන 1550ක් වැයවී තිබේ. ජීවනෝපාය අහිමි වූ පවුල් ලක්ෂ 03කට රුපියල් 2000 දිමනාව දැන් ගෙවනු ලැබේ.

මෙම ප්‍රවෘත්ති සාකඡාවට මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී.
සුමනසේකර සහ අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම් සන්ධ්‍යා අබේසේකර යන මහත්ම මහත්මීහූ ද Zoom තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූහ.

මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 137475ක් රුපියල් 2000 දිමනාව සඳහා සුදුසුකම් ලැබ සිටිති. මුදල් බෙදාදීම අද ආරම්භ කෙරිණි. නිරෝධානය වූ සහ හුදෙකලා කර තිබූ ප්‍රදේශවල ජනතාවට රුපියල් 10000 සහ 5000 අත්‍යවශ්‍ය ආහාර
ද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 302ක් වැය විය. අඩු ආදායම්ලාභී පවුල් 97043කට රුපියල් 5000 දීමනාව ලබාදී ඇත. ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් මිලියන 466කි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 ම
ආවරණය වන පරිදි සීමිත පිරිසකට භාණ්ඩ බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබාදුන් බව දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියේය. දිස්ත්‍රික්කය ඇතුළත සහ පිටත ප්‍රදේශවල වෙළෙඳාම් කිරීම සඳහා බලපත්‍ර 1154ක් නිකුත් කර තිබේ. දිස්ත්‍රික්කය තුළ මුළු ජනගහනයෙන් සියයට 97.5 කට කොවිඩ් මර්දන පළමු මාත්‍රාව දී ඇති අතර දෙවන මාත්‍රාව දී සංඛ්‍යාව සියයට 40.7කි. කොවිඩ් එන්නත ලබානොගත් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් 14000ක් හඳුනාගෙන
ඇති අතර ඔවුන්ට එන්නත්දීම මේ දිනවල සිදුකරයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනගහනයෙන් සිටයට 95කට කොවිඩ් මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාදී ඇති බවත් දිස්ක්‍රිකයේ ප්‍රදේශ 67ක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පැවසුවේය. හඳුනාගෙන ඇති, ජීවනෝපාය අහිමිවූවන්ට රුපියල් 2000 දීමනාවලබාදීම ආරම්භ කර තිබේ. දිස්ත්‍රික්කය තුළ ජංගම වෙළෙඳාම සඳහා බලපත්‍ර ලබාදීම සීමා කර ඇති අතර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බාධාවකින් තොරව ජනතාව වෙත සැපයීම සඳහා වෙළඳ සමාගම් සමග එක්ව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත.

බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළ පරිදි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 15ක ජීවත්වන ජීවනෝපාය අහිමිවූ පවුල් 99466ක් සඳහා රුපියල් 2000 දීම ආරම්භ කෙරිණි. නිරෝධායනය කර තිබූ පවුල් 19654කට රුපියල් 10000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදාදීම සඳහා වැයවී ඇති මුදල රුපියල් මිලියන 196කි. හුදෙකලා කර තිබූ ප්‍රදේශවල පවුල් 2401ක් සඳහා රුපියල් 5000ක ආහාරද්‍රව්‍ය ලබාදීම සඳහා රුපියල් මිලියන 12ක් වැය කර ඇති අතර අඩුආදායම්ලාභී පවුල් 582969ක් සඳහා රුපියල් 5000 දීමනාව අවස්ථා 04කදී ලබාදී තිබේ. ඒ සඳහා වැයවූ මුදල රුපියල් මිලියන 2903කි. මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 60 වැඩි කොවිඩ් එන්නත ගෙන නැති පුද්ගලයන් 16828ක් හඳුනාගෙන ඇත. ඔවුන්ට එන්නත්දීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම
සඳහා කැප්පෙටිපොළ ආර්ථික මධ්‍යස්ථානය විවෘතව ඇති අතර ජංගම රථ ද යොදවා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 66476කට රුපියල් 2000 දිමේ කටයුතු ආරම්භ කර තිබේ. වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 132කි. දිස්ත්‍රික්කයේ මුළු ජනගහනයෙන් සියයට 67කට කොවිඩ් එන්නත් පළමු මාත්‍රාව දී ඇති
අතර වයස අවුරුදු 60 වැඩි එන්නත් ලබානොගත් 11382 ක් සඳහා එන්නත් දීම ආරම්භ කර ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රුපියල් 2000 දීම සඳහා තෝරාගෙන ඇති පවුල් සංඛ්‍යාව 91564කි. ඒ සඳහා රුපියල් මිලියන 183ක් වෙන්කර ඇත. නිරෝධානයන කර තිබූ පවුල් 15297ක් සඳහා රුපියල් 10000 සහ 5000
අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ඇතුළත් බඩුමලු ලබාදී ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 5126ක් වැයවී තිබේ. වයස අවුරුදු 60ට වැඩි, කිසිදු කොවිඩ් මර්දන එන්නත් මාත්‍රාවක් හෝ නොගත් පුද්ගලයන් 13000ක් පමණ හඳුනාගෙන ඇති
අතර ඔවුන්ට එන්නත්දීමේ කාර්ය කඩිනම් කර තිබෙන බව අනුරාධපුර අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය.

The post කොළඹ ජංගම වෙළෙඳාම එන්නත් මාත්‍රා දෙකම ගෙන ඇති වෙළෙඳුන්ට පමණයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG