Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු මිල දර්ශක වාර්තාගත ලෙස ඉහළ නගී  

Add comments

කොළඹ කොටස් වෙළෙදපොළේ සියලු මිල දර්ශක වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.

රටක ආර්ථික දියුණුව සම්බන්ධයෙන් එරට කොටස් වෙළෙදපොල ක්‍රියාකාරිත්වය බෙහෙවින් වැදගත් වනවා. කොළඹ කොටස් වෙළෙදපොලේ සියලු කොටස් මිල දර්ශක ඒකක 239 යි දශම 5  යි නවයකින් පසුගියදා ඉහළ ගියේ වාර්තාගත ලෙසයි.

පසුගිය පෙබරවාරි පළමුවනදායින් පසු කොළඹ කොටස් වෙළෙදපොළේ දෛනික ඉහළම පිරි වැටුමයි මෙලෙස පසුගියදා වාර්තා වුණේ. ඒ රුපියල් බිලියන 10.8 ක් ලෙසයි. එදින සමස්ත මිල දර්ශකය ඒකක 8479 යි දශම 65 ක් ලෙස සටහන් වුණා. ඊට අමතරව එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 96.52 ක් ලෙස ඉහළ යෑමක් පෙන්වමින් දිනය නිමා වනවිට ඒකක 3148 යි දශම 1 යි 6 ක් ලෙස වාර්තා වුණා. 64720 ක කොටස් ගණුදෙනු ප්‍රමාණයක් මෙලෙස සිදුවූ අතර එය වෙනදාමෙන් තුන් ගුණයකින් අද ඉහළ යාමක් බවයි කොළඹ කොටස් වෙළෙදපොල වාර්තා සදහන් කරන්නේ.

 

The post කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු මිල දර්ශක වාර්තාගත ලෙස ඉහළ නගී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG