Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නිරෝධායන ඇදිරිනීති කාල සීමාව තුළ පෞද්ගලික බස් කර්මාන්තයට රුපියල් මිලියන 16000ක පාඩුවක්  

Add comments

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක කළ කාල කාල සීමාව තුළදී පෞද්ගලික බස් කර්මාන්තයට රුපියල් මිලියන දහසයදහසක පාඩුවක් සිදුව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. කොරෝනා වසංගතය හේතුවෙන් පෞද්ගලික බස් කර්මාන්තයේ බිඳ වැටීම හමුවේ රක්ෂණ වන්දියක් හෝ ලබා ගැනීමට මැදිහත් වන්නැයි එම සංගමය රජයෙන් ඉල්ලීමක් ද සිදු කර තිබෙනවා. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පසුගිය කාලය තුළ පෞද්ගලික බස් රථ  40% ක් පමණක් ධාවනයට එක්කර තිබුණා.

එසේම  ලංකා ගමනාගමන මණ්ඩලය ඇදිරි නීතිය පනවා ඇති කාල සීමාවේ එක් දිනක් සඳහා මිලියන 85 ක පමණ පාඩුවක් ලබන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා.

මේ අතර සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව සුරාබදු මූලස්ථානය සහ සියලු සුරාබදු ස්ථාන සක්‍රියව පවත්වා ගෙන යාමට කටයුතු කරමින් සිටින බව සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසනවා.

 

 

The post නිරෝධායන ඇදිරිනීති කාල සීමාව තුළ පෞද්ගලික බස් කර්මාන්තයට රුපියල් මිලියන 16000ක පාඩුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG