නුවරඑළිය ලවර්ස් ලිප් දිය ඇල්ල පහලින් පිහිටි පිඩ්රු වත්ත ජලාශයේ තිබී මළ සිරුරක් සොයා ගත් බව නුවරඑළිය පොලිසිය සඳහන් කළා.
මෙලෙසෙ සොයාගෙන ඇත්තේ නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශයේ සේවය කරන නවසිවායම් මයිල්වාගනම් නම් 42 හැවිරිදි තිදරු පියෙකුගේ සිරුරයි. නුවරඑළිය පොලිසිය සහ ජලාශය භාර ආරක්ෂක නිලධාරීන් සිරුර ගොඩගෙන තිබෙනවා. නුවරඑළිය වැඩ බලන මහේස්ත්‍රාත්වරිය සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා නුවරඑළිය මහ රෝහල වෙත එය යොමු කර තිබෙනවා.
The post නුවරඑලිය පිඩ්රු වත්ත ජලාශයේ තිබි පුද්ගල මල සිරුරක් සොයා ගැනේ appeared first on ITN News.
Post a Comment