Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඇෆ්ගනිස්ථානයෙන් පළා ආ කාන්තාවක් ගුවනේ දී දරු ප්‍රසුතියක් සිදු කරයි  

Add comments

ඇෆ්ගනිස්ථානයෙන් පළා ආ කාන්තාවක් ගුවනේ දී දරු ප්‍රසුතියක් සිදු කර තිබෙනවා. ඩුබායි සිට එංගලන්තයේ බර්මිංහැම් දක්වා ගුවනින් පියාසර කරමින් සිටින අතරතුරදීයි ඇය දරුවෙකු ප්‍රසූතකර ඇත්තේ. මෙම ඇෆ්ගන් කාන්තාව දියණියක බිහි කර ඇති බව  විදෙස් මාධ්‍ය සදහන් කළා. අඩි 33,000ක් ඉහළ අහසේ දී මෙම දරු ප්‍රසුතිය සිදු කර තිබෙනවා. එම අවස්ථාවේදී ගුවන් යානය තුළ කිසිදු වෛද්‍යවරයෙකු සිට නොමැති අතර ගුවන් කාර්ය මණ්ඩලයේ සහායෙන් දරු ප්‍රසූතිය සාර්ථක ලෙස සිදු කිරීමට හැකි වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 26 හැවිරිදි මව සහ දරුවා සුවයෙන් සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා. දරුවා උපත ලැබීමත් සමඟ ගුවන් යානය කුවේටයට ගොඩබස්වා ඇති අතර දියණියට තුර්කි භාෂාවෙන් හවා ලෙස නම් තබා තිබෙනවා.

The post ඇෆ්ගනිස්ථානයෙන් පළා ආ කාන්තාවක් ගුවනේ දී දරු ප්‍රසුතියක් සිදු කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG