ඉංගිරිය ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට අවශ්‍ය උපකරණ සහ භාණ්ඩ ලබාදීමක් සිදු කෙරුණා.
ඉංගිරිය ප්‍රාදේශීය රෝගීන් සදහා අවශ්‍ය දූමායන යන්ත්‍ර මෙන්ම කාර්ය මණ්ඩලයට අවශ්‍ය හිස් ආවරණ තොගයක් මෙලෙස පරිත්‍යාග කෙරුණා. මනුෂ්‍යත්වයේ සමාජ සත්කාරක පදනමේ ඉංගිරිය ශාඛාවේ සාමාජික සාමාජිකාවන් සිය පෞද්ගලික ධනයෙන් එම උපකරණ ලබාදීම සිඳුකර තිබුණා.
මේ අතර මීරිගම රෝහලට අවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමට මැලේසියාවේ බෞද්ධ සංගමය කටයුතු කර තිබුණා. පූජ්‍ය රතිස්වල සුනන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි එම සංගමය වෛද්‍ය උපකරණ පිරි නැමීම සිදු කළා. ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ අටක් පමණ වන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මෙම අවස්ථාවට මීරිගම ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියා.
The post රෝහල් දෙකක කොරෝනා රෝගීන්ට සහ කාර්ය මණ්ඩලයට උපකරණ පරිත්‍යාගයක් appeared first on ITN News.
Post a Comment