ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත එල්ල කළ බෝම්බ ප්‍රහාරයන්ගෙන් මිය ගිය සංඛ්‍යාව 170 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බෝම්බ ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 200 ඉක්මවා ගිය බව ද සදහන් වනවා. ගුවන්තොටුපලට තවදුරටත් අයිඑස් ප්‍රහාර එල්ල වීමේ අවදානමක් ඇති බවයි ඇමෙරිකා බුද්ධි අංශ අනතුරු අගවා තිබෙන්නේ. ගුවන්තොටුපලේ ඇමෙරිකා මෙහෙයුම් අවසන් මොහොත දක්වා ක්‍රියාත්මක කරන බව ඇමෙරිකාව පවසනවා.
මේ අතර කාබුල් ගුවන්තොටුපලේ පාලන බලය භාරගැනීම සදහා තලෙයිබාන් සන්නද්ධ සාමාජිකයන් සූදානමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
The post කාබුල් ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව 170ක් දක්වා ඉහළට appeared first on ITN News.
Post a Comment