ගතවූ පැය 24 තුළදී ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් හතළිස් හතර දහස් පන්සිය හැට අට දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව එරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව තුන් කෝටි විසි ලක්ෂය ඉක්මවා ගිය බවයි පැවසෙන්නේ. ඉන්දියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් සහ මරණ දකුණුදිග කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වන බව ඉන්දීය සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඊයේ දිනයේදී ඉන්දියාවෙන් නව කොරෝනා මරණ 496 ක් වාර්තා වුණා. ඒ අනුව එරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 436861 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ වන විට වාර්තා වන ගෝලීය කොරෝනා ආසාදිත සංඛ්‍යාව විසි එක් කෝටි හැට දෙලක්ෂ විසි අට දහස් හත්සිය හැත්ත හය දක්වා ඉහළ ගොස් ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව හතළිස් හතර ලක්ෂ අනූ නව දහස් දෙසිය අනූ නවයක්.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ දහනව කෝටි තිස් දෙලක්ෂ දහසය දහස් දෙසිය විසි හතක් ලෙසින්.
The post ගතවූ පැය 24 තුළ ඉන්දියාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 44,568ක් appeared first on ITN News.
Post a Comment