Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊශ්‍රායල අගමැති ධවල මන්දිරයට පැමිණෙයි  

Add comments

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නැෆ්ටාලි බෙනට් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට වොෂින්ටනයේ ධවල මන්දිරය වෙත පැමිණියා.

ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සිය ධුරයේ රාජකාරී ආරම්භ කිරීමෙන් පසුව අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් හමුවන ප්‍රථම අවස්ථාව මෙය වනවා. ඊශ්‍රායල – අමෙරික‌ා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වී තිබෙනවා.

ඊශ්‍රායල හිටපු අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ සමයේ දී අමෙරිකා – ඊශ්‍රායල සබඳතා යම් තරමක පිරිහීමකට ලක්ව තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දෙරටේ නායකයින් දෙපළ ඉරානයේ න්‍යෂ්ටික ක්‍රියාවලිය සම්බන්ධයෙන් ද මෙහිදි දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි පැවසෙන්නේ.

 

 

The post ඊශ්‍රායල අගමැති ධවල මන්දිරයට පැමිණෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG