Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,450ක් – වැඩිම පිරිස මාතලේ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේද කොරෝනා රෝගීන් දෙදහස් හාරසිය පනස් දෙනෙකු වාර්තා වුණේ අඛන්ඩව හයවන දිනයටත් රෝගීන් සංඛ්‍යාව දෙදහසේ සීමාව ඉක්මවමින්.

ඊයේ (03) දිනයේදී මෙරටින් හදුනාගත් කොරෝනා ආසාදිතයින් දෙදහස් හාරසිය පනස් දෙනාගෙන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 311 ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 293 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් දෙසිය විසිතුන් දෙනෙකු ඊයේ හදුනාගෙන තිබනෙවා. මහනුවර දිස්ත්‍රික්කයෙන් එකසිය අසූ නව දෙනෙකුද,  අම්පාර දිස්ත්‍රික්කයෙන් එකසිය හැත්තෑ හය දෙනෙකුද, මඩකලපුව දිස්ත්‍රික්කයෙන් එකසිය හැට හත් දෙනෙකුද ඊට අයත්. ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් හදුනාගෙන ඇත්තේ රෝගීන් එකසිය හතළිස් දෙනයි.

මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වන විට තුන්ලක්ෂ දහසය දහස් දෙසිය දහනවයක්. ඉන් ප්‍රතිකාර ලබමින් සිටින්නේ රෝගීන් විසිඅටදහස් අටසිය හැත්තෑ දෙනෙකුයි. රෝගීන් දෙලක්ෂ අසූ දෙදහස් හත්සිය හැත්තෑ දෙනෙකු සුවය ලබා සිටිනවා.

පෙරේදා තහවුරු කරගත් ඊයේ වාර්තා කළ මරණ හැත්තෑහතරක්ද සමගින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාරදහස් හයසිය හතළිස් පහ දක්වා ඉහළ ගොස් තිබෙනවා.

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 2,450ක් – වැඩිම පිරිස මාතලේ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG