Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ආසන සංඛ්‍යාව ඉක්ම වූ මගී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට  

Add comments

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද සිට ක්‍රියාත්මකයි.

බස් රථවල ආසන ධාරිතාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කරන බවට පැමිණිලි ලැබී තිබෙනවා. පසුගිය දෙවනදා රාජ්‍ය සේවය සාමාන්‍යකරණයට ලක්කිරීමත් සමග පොදු ප්‍රවාහන සේවාද ආරම්භ වුණා. කෙසේ වෙතත් පළාත් අතර සාමාන්‍ය මගී ප්‍රවාහනයට අවසර නොලැබෙන බවයි පොලීසිය පවසන්නේ.

ආසන සංඛ්‍යාව ඉක්මවා මගීන් රැගෙන යන බස් රථ පරීක්ෂා කිරීමේ කටයුතු ස්ථාන කිහිපයකදී අද සිදු කෙරුණා. පෑලියගොඩ නවලෝක හන්දිය සහ දෙමටගොඩ යන ප්‍රදේශවලදී මෙවැනි බස් රථවලින් මගීන් බස්සවා රියදුරන්ට දැඩිව අවවාද කිරීමටයි පොලීසිය කටයුතු කළේ.

ආසන ධාරිතාව ඉක්මවා මගීන් රැගෙන ගිය බස් රථ පොලීසිවලට රැගෙනයාම සිදු කෙරුණු අතර රියදුරු බලපත්‍රද පොලිස් භාරයට ගැනුණා. කෙසේ වෙතත් මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවට පත්ව සිටින ආකාරයයි දැකගතහැකි වුණේ.

 

The post ආසන සංඛ්‍යාව ඉක්ම වූ මගී බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG