ඊයේ දිනයේද මෙරටින් කොරෝනා ආසාදිතයින් 2674 දෙනෙකු හදුනා ගැනුණා. ඉන් වැඩිම පිරිස වූ 446 දෙනා වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. කළුතරින් ආසාදිතයින් 377 දෙනෙකු හා ගාල්ලෙන් ආසාදිතයින් 266 දෙනෙකු වාර්තා වූ අතර කොළඹින් හදුනාගත් ආසාදිතයින් ගණන 177ක්.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තුන්ලක්ෂ විසි එක්දහස් හාරසිය විසිනවයක්. ඒ අතරින් තිස්දහස් තුන්සිය තිස් හත් දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ අසූහය දහස් තුන්සිය හැට පහක්.
ඊයේ වාර්තා වූ කොරෝනා මරණ අනූහතර ද සමගින් මේ දක්වා මෙරට සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 4821ක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

The post ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 2,674ක් – මරණ 94ක් appeared first on ITN News.
Post a Comment