Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ඇරඹෙයි  

Add comments

පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණා.

ජල සම්පාදන ව්‍යාපෘති සදහා රුපියල් මිලියන 183 ක් වැය කෙරෙනවා. පවුල් 4850කට සෙත සැලසීම අරමුණයි. අරණගංවිල,  මැදිරිගිරිය, සේවාගම බැදිවැව, පොළොන්නරුව, මින්නේරිය හා මනම්පිටිය යන ජල සම්පාදන මධ්‍යස්ථාන පුළුල් කිරීම මේ යටතේ සිදුවනවා.

ව්‍යාපෘතියේ කටයුතු රාජ්‍ය අමාත්‍ය සිරිපාල ගම්ලත් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වසර 2025 වන විට දිස්ත්‍රික්කයේ සියයට අසූපහකට නල ජල සබදතා ලබා දී අවසන් කිරීම ඉලක්කයයි. භූගත ජලයට වස විස මිශ්‍රවීමෙන් වකුගඩු රෝග ආදියට සීඝ්‍රයෙන් ගොදුරු වෙමින් පවතිනවා.

 

 

 

 

The post ජල සම්පාදන මධ්‍යස්ථාන 7ක් පුළුල් කිරිමේ කටයුතු ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG