Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රාම නිලධාරී මට්ටමෙන් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලකට ජනපති මුල පුරයි  

Add comments

ජාතික ළමාරක්ෂක අධිකාරිය හා රේඛීය ආයතන සමග ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා. වෙනත් රටවල ළමා සංවර්ධනය සදහා කර ඇති පර්යේෂණ අධ්‍යනය කර මෙරටදී ඒවා ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දුන්නා. අනාවරණය වී ඇති තොරතුරු අනුව ළමා මෙහෙකාර සේවයේ නිරත වැඩිම පිරිස වතු ආශ්‍රිත දරුවන් වනවා.

මේ තත්ත්වය වළක්වා ගැනීමට අවශ්‍ය බලතල ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතුයි. වතු ආශ්‍රිත පවුල්වල තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුවන බැවින් එවැනි නිවසක දරුවෙකු නොමැති බවට ලැබෙන තොරතුරු මත වහා ක්‍රියාත්මක වී ඒ අනුව ළමා මෙහෙකාර සේවය නැවැත්වීමට පියවර ගත යුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙහිදි ප්‍රකාශ කළේ. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතාගේ නිවසේදී මිය ගිය දැරිය වෙනුවෙන් එම පවුලට නිවසක් ඉදිකර දීමටත් ඇයගේ සහෝදරියන් දෙදෙනෙකුට ස්වයං රැකියා අවස්ථා උදාකර දීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කළා.

 

The post ග්‍රාම නිලධාරී මට්ටමෙන් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලකට ජනපති මුල පුරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG