Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ  

Add comments

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය පැය කිහිපයකදී නතර කෙරුණා. නමුත් මේ වර්ජනයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය එකතුවී සිටියේ නැහැ.

අතිකාල සීමාවන් ඉවත් කිරීම, කොවිඩ් අනතුරු දීමනාව අඛණ්ඩව ලබා දීම ආදී ඉල්ලීම් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කෙරුණා. මේ හේතුවෙන් ඇතැම් රෝහල්වලට රෝගීන් ඇතුළත් කර ගැනීම සීමා වුණා. කොරෝනා ආසාදනය වූ රෝගීන් දෙදෙනෙකු බලපිටිය රෝහලට රැගෙනවිත් තිබුණ ද ඔවුන් භාරගැනීමට කාර්ය මණ්ඩලය නොමැතිකමින් රෝගීන් ගිලන් රථ තුළම සිටින අයුරු දැකගත හැකිවුණා.

වෘත්තීය ක්‍රියාමාර්ගය දික්ඔය මූලික රෝහලේ ද  ක්‍රියාත්මක කෙරුණා. එම රෝහලට  පැමිණි රෝගීන් ද පත්වූයේ දැඩි දුෂ්කරතාවකටයි.

ඉතිහාසයේ කිසිදු දිනක නොකළ පරිදි තම ඉල්ලීම් 7 ම ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ක්‍රියාකර ඇති බැවින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ වන්නේ නැති බවයි එහි සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර තිබුණේ.

වර්ජනයේ නිරතවූවන්ගේ ඉල්ලීම් ලබා දීමට රජය එකගවී තිබියදීයි මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය ගෙන තිබුණේ. එය ලිඛිතව දැනුම් දීමෙන් පසුව වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කෙරුණා.

The post සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කර තිබූ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG