Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රජයේ සේවයේ නියැලි ගැබිනි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට තීරණයක්- චක්‍රලේඛය ඉදිරියේ දී  

Add comments

රජයේ සේවයේ නියැලි ගැබිනි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි ඉටු කිරීමට අදාළ චක්‍ර ලේඛය නිකුත් කිරිමට තීරණය කළ බවත් රාජ්‍ය සේවයේ ප්‍රධානියාගේ අභිමතය පරිදි සතියකට මුර දෙකකට සේවය ලබා දීමේ එකගතාවය පළ වූ බවත් ඉදිරියේ රාජ්‍ය පරිපාලන ලේකම්වරයා අදාළ චක්‍රලේඛය නිකුත් කරනු ඇති බව ඖෂධ නියාමන රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අද(05) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) උදෑසන මුදල් අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවත් මෙරට ආර්ථිකය පවත්වාගෙන යන අතරම තුලනාත්මක ලෙස මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ද එහිදී මෙම තීරණවලට එළැඹි බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

රජය මෙම ක්ෂේත්‍රයේ නියැළි විශේෂඥයින්ගේ උපදෙස් ලබා ගැනීමට රජය කිසි සේත් පසුබට නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා,  රටතුළ සීග්‍රයෙන් ඩෙල්ටා ප්‍රභේදය ඉහළ යන බවත් එන්නත ලබා නොගත් සියලු දෙනා කඩිනමින් එන්නත ලබා ගන්නා ලෙස රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.

ඩෙල්ටා ප්‍රභේදයේ සීඝ්‍ර පැතිරයාමත් සමග ඉදිරි සති 02 ඇතුළත ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ඔක්සිජන් ගෙන ඒමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

The post රජයේ සේවයේ නියැලි ගැබිනි මව්වරුන්ට නිවසේ සිට රාජකාරි කිරීමට තීරණයක්- චක්‍රලේඛය ඉදිරියේ දී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG