Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ පුත්තලම දිස්ත්‍රික්කයටත්  

Add comments

දිවයින පුරා ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ දැවැන්ත වැඩපිළිවෙලක් රජය ක්‍රියාවට නංවා තිබෙනවා. ප්‍රදේශ රැසකම පුරන් කුඹුරු අස්වැද්දීම මේ දිනවල සිදුවන්නේ ගොවි සංවිධානවල ද සහාය ඇතිවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ මහවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වසර 35 ක් පුරා පුරන්ව පැවති කුඹුරු අක්කර 65 ක් නව වැඩපිළිවෙළ යටතේ අස්වැද්දීමට පියවර ගැණුනා. ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත කුඩාවැව ගොවිජන සංවර්ධන නිලධාරිනි සුමිත්‍රා අබේරත්න මහත්මියගේ උපදෙස් මත කෘෂි පර්යේෂණ නිෂ්පාදන සහකාර එස්. රාමක්‍රිෂ්ණා මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවුණා. කුඹුරු යාය ආශ්‍රිත ඇළ මාර්ග පිළිසකර කර විධිමත්ව ජලය බැස යාමට අවශ්‍ය පහසුකම් සැළසීමට ද පියවර ගෙන ඇත්තේ වගා කටයුතු විධිමත් කිරීමේ අරමුණින්.

 

The post පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩපිළිවෙළ පුත්තලම දිස්ත්‍රික්කයටත් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG