ලෙබනනයේ බේරුට් නුවර විරෝධතා උත්සන්න වී තිබෙනවා.
බේරුට් නුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ආසන්නයේ කලහකාරී ලෙස ක්‍රියාකළ පිරිස් පාලනය කිරීම සදහා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. පසුගිය වසරේ සිදුවූ බේරුට් ප්‍රහාරයට වසරක් පිරීම නිමිති කර ගනිමින් නගර පුරා ස්ථාන රැසක විරෝධතා සංවිධානය කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. බේරුට් වරාය නගරයේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය තොගයක් පිපිරීම හේතුවෙන් 200 කට අධික පිරිසක් මිය ගියා. විශාල පිරිසක් අවතැන් වූ අතර දේපළ රැසකට ද දැඩි හානි සිදුවුණා. බේරුට් වරාය නගරයේ සිදුවූ මෙම පිපිරීම ලොව මෙතෙක් වාර්තා වූ න්‍යෂ්ටික නොවන විශාලතම පිපිරීම ලෙසයි සැළකෙන්නේ.
The post ලෙබනනයේ බේරුට් නුවර විරෝධතා උත්සන්න වෙයි appeared first on ITN News.
Post a Comment