ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි නගරය වසා දමා සති 6 ක කාලයක් ගත වුවද වාර්තා වන වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.
ඊයේ දිනයේදීත් සිඩ්නි නුවරින් හමුවී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාව 259 ක්. එය මෙතෙක් සිඩ්නි නුවරින් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ. ගතවූ පැය 24 තුළදී සිඩ්නි නුවරින් කොරෝනා මරණ 5 ක් ද වාර්තා වුණා. මරණයට පත්වූ පිරිසෙන් 4 දෙනෙකු කොරෝනා මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව වාර්තා වනවා. අනෙක් පුද්ගලයා එක් කොරෝනා මර්දන එන්නත් මාත්‍රාවක් පමණක් ලබා සිටි අයෙකු ලෙස සඳහන්. සිඩ්නි නුවරින් පමණක් මේ වන විට හදුනාගෙන ඇති ඩෙල්ටා ප්‍රෙභ්දයේ ආසාදිත සංඛ්‍යාව 4000 කට ආසන්න වනවා.
The post මෙතෙක් සිඩ්නි නුවරින් වාර්තා වූ ඉහළම ආසාදිත සංඛ්‍යාව ඊයේ වාර්තා වෙයි appeared first on ITN News.
Post a Comment