ග්‍රීසියේ ඇතෑන්ස් නුවර තුන්වන දිනටත් දරුණු ලෙස ලැව්ගිනි පැතිර යමින් පවතිනවා.
ඇතෑන්ස් නුවර ඔලිම්පික් ක්‍රීඩාංගණ ප්‍රදේශයට ද ලැව්ගිනි හේතුවෙන් බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. ඇතෑන්ස් හි දසදහසකට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා රැගෙන යාමට කටයුතු යොදා තිබෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ඉක්මවා යාමත් පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වයත් හේතුවෙන් ගින්න පැතිරීම වේගවත් වී ඇති බවයි පැවසෙන්නේ.
ගින්න නිවීම සදහා හෙලිකොප්ටර් යානා සහ ගිනි නිවන හමුදා භට කණ්ඩායම් යොදවා තිබෙනවා.
The post ලැව්ගිනි ග්‍රීසියේ ඇතෑන්ස් නුවර තුන්වන දිනටත් දරුණු ලෙස පැතිරෙයි appeared first on ITN News.
Post a Comment