Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

රු.මිලියන 41කට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙකු නාවික හමුදා භාරයට  

Add comments

නාවික හමුදාව විසින් (26) අළුයම සිදු කරන ලද විශේෂ සෝදිසි මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක පමණ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව, උතුරු නාවික විධානය මඟින් පේදුරුතුඩුව මනල්කාඩු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිට ගොඩබිම දෙසට අද (26) අළුයම යාත්‍රා කරමින් තිබූ සැකකටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර පී 177 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කරන ලදී. මෙම සෝදිසි මෙහෙයුමේදී පී 177 යාත්‍රාව මඟින් සැකකටයුතු ඩිංගි යාත්‍රාව පරීක්‍ෂා කිරීමට යාමේදී සැකකටයුතු ලෙස උර කිහිපයක් මුහුදට දමා පලා යාමට උත්සාහ කළ එම ඩිංගි යාත්‍රාව එහි තිබූ කේරළ ගංජා සහිත එක් උරයක් සහ සැකකරුවන් දෙදෙනෙක් (02) නාවික හමුදා භාරයට ගන්නා ලදී.

අනතුරුව, උතුරු නාවික විධානයට අයත් හතරවන වේග ප්‍රහාරක බලඝණයේ පී 480 සහ පී 433 වේග ප්‍රහාරක මුර යාත්‍රාවන් සහ පී 105 වෙරළබඩ මුර යාත්‍රාව යොදවා එම මුහුදු ප්‍රදේශයේ සිදුකළ වැඩිදුර සෝදිසි මෙහෙයුමේදී මුහුදට දමන ලද කේරළ ගංජා සහිත තවත් උර 03ක් සොයා ගන්නා ලදී. ඒ අනුව මෙම සමස්ථ මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 139 ග්‍රෑම් 930ක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් (02) සහ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගන්නා ලදී.

මෙම කේරළ ගංජා තොගය අන්තර් ජාතික මුහුදු සීමාවේදී ජාවාරම් කරුවන් විසින් ලබා ගෙන මෙලෙස ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කරන්නට ඇතැයි සැක කරන අතර, මෙම කේරළ ගංජා තොගයේ වීථි වටිනාකම රුපියල් මිලියන 41 කට අධික වෙතැයි විශ්වාස කෙරේ.

පවත්නා සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදු කරන ලද මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 සහ 26 යන වයස් වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි කරුවන් බවට හඳුනාගන්නා ලද අතර, එම සැකකරුවන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතීමය කටයුතු සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

The post රු.මිලියන 41කට අධික කේරළ ගංජා සමඟ දෙදෙනෙකු නාවික හමුදා භාරයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG