Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවලෙට රට පුරා ගොවි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර  

Add comments

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය කිරීමට ගොවීන් දිරිගැන්වීමට ආරම්භ කළ කාබනික වගාව මේ වන විට බොහෝ ප්‍රදේශවල ආරම්භ වී තිබ‌ෙනවා.

වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය අරමුණු කරගනිමින් රජය රසායනික පොහොර ආනයනය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ලැබුවා. ඒ අනුව කාබනික පොහොර කෙරෙහි ගොවින් යොමු කිරීමට පියවර ගැනුණේ ඊට අවශ්‍ය සැලසුම් සහගත වැඩපිළිවෙළක්ද සමගයි. එම වැඩපිළිවෙළට රට පුරා ගොවි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. වලවේ කලාපයේ හෙටක්ටාර විසිදහසක කුඹුරු වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනය කිරීම මේ වන විට ආරම්භ වී තිබෙනවා. ගොවි පවුල් තිස්පන්දහසක් පමණ මීට එක්ව සිටින බවයි කෘෂිකර්ම නිලධාරීන් පවසන්නේ. මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති කොටගම මහතාද වලවේ කලාපයේ ගොවීන් හමු වී මේ පිළිබද කරුණු සාකච්ඡා කළා.

බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය කාබනික වගාව සදහා ගොවීන් දිරිමත් කරමින් ආරම්භ කළ වී ගොවිතැන සාර්ථක වී තිබෙනවා. බණ්ඩාරගම ,පින්නවල වෙල්යායේ පුරන් කුඹුරු අක්කර පහක් යොදා නිමින් සිදු කළ පර්යේෂණාත්මක වගාවෙන් සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බවයි බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් නයනානන්ද නිල්වලා මහතා සදහන් කළේ.

The post කාබනික පොහොර නිෂ්පාදන වැඩපිළිවලෙට රට පුරා ගොවි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාර appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG