දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියා.
කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන්සේවයේ යානයකින් මෙම කණ්ඩායම දිවයිනට පැමිණියා. එක්දින තරග 03 ක් සහ පන්දුවාර 20 යි 20 තරග දෙකකට දකුණු අප්‍රිකා කණ්ඩායම ශ්‍රී ලංකාව සමග මෙම සංචාරයේදී ක්‍රීඩා කරනවා.
පළමු එක්දින තරගය ලබන 02 වනදා ආරම්භ වීමට නියමිතයි. සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
සියලු ක්‍රීඩකයන් පීසීආර් පරික්ෂණයකට යොමු කෙරුණා. එමෙන්ම කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් මෙම සංචාරයේදී ජෛව ආරක්ෂක බුබුලක් තුළ ක්‍රියා කිරීමට නියමිතයි.
The post දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට appeared first on ITN News.
Post a Comment