ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙනවා.
ලේ දන්දීමේ ව්‍යාපෘතිය යටතේ එක් වැඩසටහනක් ගම්පහ පහළගම ප්‍රදේශයේදී ක්‍රියාත්මක කෙරුණා. ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක අජිත් බස්නායක මහතා ලේ දන්දීමේ පිංකම සංවිධාන කළ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිවන්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා.
ලේ පයින්ට් 15,000 ක් ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් හරහා මෙසේ ලේ දන්දීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.
The post නිදහස් පක්ෂයේ 70 වන සංවත්සරය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහන් දිවයින පුරා appeared first on ITN News.
Post a Comment