Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 9000කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට  

Add comments

නීති විරෝධී ලෙස ගබඩා කර තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 9000 කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මන්නාරම, එරුක්කලම්පිඩ්ඩි ප්‍රදේශයේ නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමක දී බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධීව ගබඩා කර තිබූ වියළි මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 9170 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැණුනා. උතුරු මැද නාවික විධානයට අයත් නිලධාරීන් පිරිසක් මන්නාරම පොලීසිය සමඟ එක්ව මෙහෙයුම ක්‍රියාත්මක කළා. අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

 

 

 

 

The post මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 9000කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG