Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජාතික මහා ක්‍රීඩා උළෙල මධ්‍යම පළාතේ පැවැත්වීමට සැලසුම්  

Add comments

ඉදිරි ජාතික මහා ක්‍රීඩා උළෙල මධ්‍යම පළාතේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.

ජාතික ක්‍රීඩා දිනය නිමිත්තෙන් කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ක්‍රීඩා උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ක්‍රීඩා සංගම් විස්සකට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පනස් දෙනෙකුට ආසන්න පිරිසකට ක්‍රීඩා උපකරණ පිරිනැමීම මෙහිදී සිදුවුණා. කුණ්ඩසාල ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රිඩිකාවන් සඳහා ධාවන පථ ඉදිකිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනද වෙන් වී ඇති බවයි අමාත්‍ය රඹුක්වැල්ල මහතා පැවසුවේ.

The post ජාතික මහා ක්‍රීඩා උළෙල මධ්‍යම පළාතේ පැවැත්වීමට සැලසුම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG