Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලබන වසරේ ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීමේ පනතක් ගෙන එන බව ක‍්‍රීඩා ඇමති කියයි  

Add comments

ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීමේ පනතක් ලබන වසරේ දී ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මහනුවර ගැටඹේ ප්‍ර දේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ.

මහනුවර ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානය අසල මහවැලි ගං ඉවුරේ ආරක්ෂිත පැති බැම්ම ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරුණේ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

මහවැලි ගං ඉවුර ඛාදනයට ලක් වීමෙන් ගැටඹේ විහාරස්ථානය හා ඒ අවට ගොඩනැගිලිවල ආරක්ෂාව සදහා පැති බැම්මක් කඩිනමින් ඉදිකර දෙන ලෙස  රාජෝපවනාරාම විහාරාධිපති කැප්පෙටියාගොඩ සිරි විමල නා හිමි පාණන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම ආරක්ෂිත බැම්මේ ඉදිකිරීම් ආරම්භ කෙරුණේ. පැතිබැම්මේ දිග මීටර් අසූ පහක් වන අතර වේල්ලේ උස මීටර් 17 ක්. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 210 ක්. රාජ්‍ය අමාත්‍යවරුන් වන සිරිපාල ගම්ලත් හා අනුරාධ ජයරත්න යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් වුණා.

The post ලබන වසරේ ක්‍රීඩා සංගම් යාවත්කාලීන කිරීමේ පනතක් ගෙන එන බව ක‍්‍රීඩා ඇමති කියයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG