Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අමනුෂ්‍යයා ආවේශ වෙයි – නැන්දම්මයි ලේලියි යකැදුරාට බිලිවෙයි  

Add comments

හාලිඇල බෝගොඩ ලන්දේවෙල ප්‍රදේශයේ නිවසක කොඩිවිනයක් ඉවත් කර ගැනීමට පැමිණි කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කළ යකැදුරෙක් දවස් 14 කට රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

අමනුෂ්‍යයෙක් ආවේශ වීමෙන් සිද්ධ වුණ දෙයක්  නිසා තමන්ට මේ සිද්ධිය සම්බන්ධයෙන් වගකීමක් ගැනීමට බැරි බව පොලිස් අත්අඩංගුවට පත් වූ යකදුරා පවසා තිබෙනවා.

පොලොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ යකැදුරෙකු වන මොහු මෙම නිවසේ අමනුෂ්‍ය බලවේගයක් ඇති බව පවසමින් නිවස වටා ජප නූල් යොදා කිසිම පිරිමියෙකුට ඇතුලට නොපැමිණෙන ලෙස දන්වා තිබෙනවා. රාත්‍රිය උදාවනවාත් සමග නිවසේ සිටි පිරිමින්ට තුන් මං හන්දි කීපයක් පසුකර ගොස් එම හන්දිවල නවතින ලෙස දැනුම් දී ඇති බවයි පොලිසිය සදහන් කළේ.

පසුව නිවසේ සිටි කාන්තාවට සාත්තරයක් පවසා ඇයට සහ ඇයගේ ලේලියට කලු කුමාර දිෂ්ටියක් වැලදී ඇති බව යකදුරා පවසා තිබෙනවා. ඒ සදහා විශේෂ යාගයක් සිදුකිරීමට අවශ්‍ය බව පවසා වයස අවුරුදු 45 ක් වන වැඩිමහල් කාන්තාවගේ අතට පූජා වට්ටියක් දී විදුලිය විසන්දි කර දොරගුලු දමා ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත්තේ.

මෙම යකදුරු තුන් වරක් ලිංගික බලහත්කාරකම් සිදුකර ඇති අතර එසේ නොමැතිනම් දරුණු විපත්වලට මුහුණ දීමට සිදුවන බව පවසා තිබෙනවා. පසුව ඇයගේ ලේලියටද මෙලෙස ලිංගික බලහත්කාරකම් සිදුකර ඇති බවයි හෙළිව ඇත්තේ. ගෙහිමි කත මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයාට සැල කිරීමෙන් පසුව හාලි ඇල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. එහිදී සැකකරු පැවසුවේ පෙරේත ආරූඩයක් තමන්ට ඇති බැවින් ලිංගික බලහත්කාරකම් සිද්ධිය පිළිබද තමන්ගේ දැනුමක් නොමැති බවයි.

The post අමනුෂ්‍යයා ආවේශ වෙයි – නැන්දම්මයි ලේලියි යකැදුරාට බිලිවෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG