ඔ්ස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් දෛනිකව හමුවන ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන බව එරට සෞඛ්‍ය අංශ සදහන් කරනවා.
ගතවූ පැය 24 ට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 199 ක්. එම ප්‍රාන්තයේ සිඩ්නි නගරය වසා දමා සති හයක පමණ කාලයක් ගත වුවද වාර්තා වන වයිරස ආසාදිත සංඛ්‍යාවේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසනවා. සිඩ්නි නගරයෙන් පමණක් මේ වනවිට හදුනාගෙන ඇති ඩෙල්ටා ප්‍ර භේදයේ ආසාදිතයින් සංඛ්‍යාව 3800 කට ආසන්නයි.
The post නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් හමුවන ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට appeared first on ITN News.
Post a Comment