රත්මලාන සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කොට විවෘත කිරීම ඊයේ (03) සිදු කෙරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ඩී වී චානක මහතාගේ ප්‍රධානත්වයෙන්.
රත්මලාන කදබොඩ පාරේ පිහිටි සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කොට ශ්‍රී ලංකා ගුවන් තොටුපොල හා ගගනාන්විත ශාස්ත්‍රාලය ලෙස නම් කර විවෘත කිරීම සිදුවුණා. දේශීය ගුවන් මෙහෙයුම් ශිල්පීන් පුහුණු කිරීම මෙන්ම විදෙස් රටවල අවශ්‍යතාවන්ට සේවා සැපයීම මෙමගින් සිදු වනවා.
ජාත්‍යන්තර ගුවන් සේවා කේෂ්ත්‍රයට අවශ්‍ය දේශීය ශ්‍රමිකයන් පුහුණු කිරීම තුළින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට ආකර්ශනය කර ගැනීමට රජය කටයුතු කරන බවයි ඩී වී චානක මහතා මෙහිදී සදහන් කළේ.
මෙම අවස්ථාවට සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඇතුලු පිරිසක් එක් වුණා.
The post රත්මලාන සිවිල් ගුවන් සේවා පුහුණු මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කෙරේ appeared first on ITN News.
Post a Comment