Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ග්‍රීසියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට  

Add comments

ග්‍රීසියේ උෂ්ණත්වය දශකයකට පමණ පසු වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

ග්‍රීසියේ උෂ්ණත්වය අද දිනයේ දී සටහන්ව ඇත්තේ සෙල්සියස් අංශක 46 ක් ලෙසයි. උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ එරට ජනතාව සහ සංචාරකයින් මුහුදු වෙරළ වෙත ඇදී එන බව වාර්තා වනවා. අධික උෂ්ණත්වය හා සුළං හේතුවෙන් ග්‍රීසියේ හටගෙන ඇති ලැව්ගිනි මැඩ පැවැත්වීමටද අපහසු තත්ත්වයක් හටගෙන තිබෙනවා. එමෙන්ම මේ වනවිට එරට විදුලි පරිභෝජනයද ඉහළ ගොස් ඇති බැවින් අරපිරිමැස්මෙන් යුතුව විදුලිය භාවිත කරන ලෙස බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. විදුලිය භාවිතය ඉහළ යාමත් සමඟ එරට විදුලි පද්ධතිය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවද සඳහන්.

 

The post ග්‍රීසියේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG