Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටවන ලෙස බල කරමින් ටෝකියෝ නුවර උද්ඝෝෂණ  

Add comments

ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටවන ලෙස බල කරමින් ටෝකියෝ නුවරදී උද්ඝෝෂණ පැවැත්වුණා.

ටෝකියෝ නුවර පැවැත්වෙන 2020 ඔලිම්පික් උළෙල අත්හිටවන ලෙස ජපාන රජයට බල කරමින් සියයක පමණ පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියා. ක්‍රීඩා උළෙලට විරෝධය පල කෙරෙන බැනර් සහ පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුන් විරෝධතාවේ යෙදෙන ආකාරයයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙල සමග කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත් වී ඇති බවට ඔවුන් චෝදනා කරනවා. ගතවූ පැය 24 ට ටෝකියෝ අගනුවරින් පමණක්  වයිරස ආසාදිතයින් හාරදහසකට අධික සංඛ්‍යාවක් හමුවී ඇති බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. මේ අතර වයිරසයට එරෙහි එන්නත් ලබා ගන්නා ලෙස ටෝකියෝ ආණ්ඩුකාරවරයා නගර වැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

The post ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල අත්හිටවන ලෙස බල කරමින් ටෝකියෝ නුවර උද්ඝෝෂණ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG