Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කාබුල් නුවර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක්  

Add comments

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

ඇෆ්ගනිස්ථානයේ කාබුල් ගුවන්තොටුපොළේ උතුරු ගේට්ටුව ආසන්නයේ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අංශ සහ නාඳුනන වෙඩික්කරුවන් කිහිප දෙනෙකු අතරයි මෙම වෙඩි හුවමාරුව සිදු වී ඇත්තේ. මෙම වෙඩි හුවමාරුව සඳහා ඇමෙරිකා හමුදා සහ ජර්මන් හමුදා ද එක් ව සිටින බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. වෙඩි වැදීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර ඇෆ්ගන් ජාතිකයින් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් වෙඩි තැබීම ආරම්භ කළේ කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බවයි වාර්තා වන්නේ. ‌කාබුල් ගුවන්තොටුපොළින් පිටත තලෙබාන් සංවිධානයේ සාමාජිකයින් රැඳී සිටින අතර අදාළ වෙඩි ප්‍රහාරය ඔවුන් සිදුකරන්නට ඇති බවටයි සැක පළ කෙරෙන්නේ. මෙම සිදුවීම හේතුවෙන් කාබුල් ගුවන්තොටුපොළ වෙත පිවිසීම සඳහා විවෘත කර තිබූ සියලු දොරටු ද වසා දැමීමටයි ඇමෙරිකා හමුදා පියවර ගෙන ඇත්තේ.

 

 

 

The post කාබුල් නුවර ගුවන්තොටුපොළේ වෙඩි තැබීමක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG