තායිවානය නිපදවූ කොවිඩ් -19 මර්දන එන්නත දැඩි විවේචන මධ්‍යයේ සිය ජනතාව වෙත ලබා දීම ආරම්භ කර තිබෙනවා.
මෙඩිජන් ලෙස නම් කර ඇති එම එන්නත නිපදවා ඇත්තේ තායිවාන ජීව විද්‍යා සංස්ථාවයි. එම එන්නත හදිසි භාවිතය සඳහා තායිවාන සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය මාසයේ දී අවසර ලබා දුන්නා. කෙසේවෙතත් එහි සායනික අත්හදා බැලීම් තවමත් අවසන් කර නැහැ. මේ හේතුවෙන් තායිවානයේ වෛද්‍ය හා විද්‍යාත්මක ප්‍රජාවගේ දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතින පසුබිමකයි එන්නත ලබාදීම ආරම්භ කර තිබෙන්නේ. මෙඩිජෙන් එන්නතේ පළමු මාත්‍රාව එරට ජනාධිපතිනි ට්සායි ඉන් – වෙන් අද ලබා ගැනීම සිදු කළා. මෙතෙක් තායිවානය තුළ ලබා දුන් මොඩර්නා සහ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් නතර කර මෙඩිජන් එන්නත ලබා දීමටයි ජනාධිපතිවරිය කටයුතු කර ඇත්තේ. මෙහි පළමු මාත්‍රාව ලබා ගැනීමෙන් දින 28 කට පසු දෙවන එන්නත ලබා ගත යුතුයි.
The post තායිවානය නිපදවූ කොවිඩ් එන්නත එරට ජනතාවට ලබාදීම ඇරඹෙයි appeared first on ITN News.
Post a Comment