Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

දිවංගත ප්‍රවීන සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නමින් මාවතක්  

Add comments

දිවංගත ප්‍රවීන සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නමින් මාවතක් විවෘත වුණා. ඒ ඇඹුල්දෙණිය තලපත්පිටිය මාර්ගයට යාබදවයි.

ක්ලැරන්ස් විජේවර්ධනයන් ජීවත්ව සිටි නිවස පිහිටි මාර්ගය ක්ලැරන්ස් විජේවර්ධන මාවත ලෙස නම් කිරීමටයි කටයුතු කෙරුණේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර,  මහරගම නගරාධිපති තිරාජ් ලක්රුවන් පියරත්න යන මහත්වරුන් ඇතුලු කලාකරුවන් සහ ප්‍ර දේශවාසීන් රැසක් එක්ව සිටියා.

1943 වසරේ අගෝස්තු මස තුන් වනදා උපත ලැබූ ක්ලැරන්ස් විජේවර්ධනයන් අභාවප්‍රාප්ත වූයේ 1996 වසරේ දෙසැම්බර් මස 13  වන දිනයි.

 

 

 

 

 

 

The post දිවංගත ප්‍රවීන සංගීතවේදී ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ නමින් මාවතක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG