කළු ගල් භාවිත නොකොට විශේෂයෙන් සකසන ලද පවුඩර් වර්ගයක් යොදාගෙන මාර්ග තැනීමේ විශේෂ තාක්ෂණික ක්‍රමාවේදයක් සොයා ගැනීමට කාර්මික ඉංජිනේරුවරයෙකු වන ගාමිණී වික්‍රමරත්න මහතා සමත්ව සිටිනවා. මේ සදහා යොදාගන්නේ එස් එස් පී 68 නමින් හදුන්වන විශේෂයෙන් සකසන ලද පවුඩර් වර්ගයක්.
මෙම තාක්ෂණික ක්‍රමවේදය පරිසර හිතකාමී බවට මධ්‍යම පරිසර අධිකාරිය තහවුරු කර තිබෙනවා. මේ සදහා යොදා ගන්නා පවුඩර් විශේෂයට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ විද්‍යාගාර අනුමැතිය ද ලැබී තිබෙනවා. දින 5ක් තුළ කිලෝමීටර් 1ක දුර ප්‍රමාණයකින් යුත් මාර්ගයක් සාදා නිමකළ හැකි බව වික්‍රමරත්න මහතා පවසනවා. ඔහු රජයෙන් ඉල්ලා සිටින්නේ ලංකාවේ මාර්ග සංවර්ධනය සදහා මෙම නවීන ක්‍රමවේදය භාවිත කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසයි.
The post කළු ගල් භාවිත නොකොට මාර්ග තැනීමේ විශේෂ ක්‍රමවේදයක් appeared first on ITN News.
Post a Comment