ප්‍රවීණ රංගන ශිල්පිනී අභාවප්‍රාප්ත හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය මේ වන විට ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
හයසින්ත් විජේරත්න මහත්මිය ගමන් ගත් වෑන් රථය ලිදුල නගරය ආසන්නයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් සිදුවූ අනතුරකිනුයි ඇය ජීවිතක්ෂයට පත්වුණේ.
හයසින්ත් විජේරත්න මහත්මිය ජීවිතක්ෂයට පත්වනවිට 75 වන වියේ පසුවුණා. පෙම්බර මදූ චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි හයසින්ත් විජේරත්න රංගන ශිල්පිනිය චිත්‍රපට 25 කට පමණ සිය රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඉන්දුට මල්මිටක්, තුන්වෙනි යාමය, සුරබි දෙන, බිතුසිතුවම්, හිත හොදනම් වරද්දින්නෑ, අඳුරු සෙවනැලි, හෝගානා පොකුණ ඇතුළු චිත්‍රපට ගණනාවක අමතක නොවන චරිත රැසකට ඇය පණපෙව්වා. මෙරට පළමු ටෙලිනාට්‍යය වන දිමුතු මුතු හි රංගනයට එක්වූ හයසින්ත් විජේරත්න ශිල්පිනිය සුබ ප්‍රාර්ථනා, හිම රාත්‍රිය, චාතුර්යා ඇතුළු ටෙලිනාට්‍ය රැසක සිය රංගන කෞෂල්‍ය ප්‍රදර්ශනය කළා.
ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය ටෙලිවෘතාන්ත රැසකට ද රංගන දායකත්වය ලබාදුන් ඇය සත්සර රංගන, ඒමි, හාරත හේරා, හදවිල අරණ වැනි ටෙලිනාට්‍ය ඔස්සේ ප්‍රේක්ෂක මතකයේ නොමැකෙන සලකුණක් බවට පත්වුණා. ස්වාධීන රූපවාහිනියේ සත්සර රංගන නාට්‍ය මාලාවේ විවිධ චරිත නිරූපනය කරමින් ඇය දීර්ඝ කාලයක් ලබාදුන් දායකත්වය සදානුස්මරණීයයි. මනරංජන වැඩවර්ජන, ගෝනුස්සෝ, ජුලියස් සීසර් ආදී වේදිකා නාට්‍ය ගණනාවක ද ඇය විවිධ චරිත නිරූපනය කළා.
අභාවප්‍රාප්ත හයිසින්ත් විජේරත්න රංගන ශිල්පිනියගේ දේහය වත්තල මාබෝල කට්ටියාවත්ත පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ තැන්පත් කර තිබෙනවා. අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි.
The post ප්‍රවීණ රංගන ශිල්පිනී හයිසින්ත් විජේරත්න මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට appeared first on ITN News.
Post a Comment