ඇෆ්ගනිස්ථානයේ කාබුල් ජාත්‍යන්තර ගුවන් තොටුපල ඉලක්ක කරගෙන එල්ල කරපු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත කණ්ඩායමට කිසිම සමාවක් දෙන්නේ නැහැ කියලා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරා.
මේ අතර සිදු වූ බෝම් ප්‍රහාර දෙකෙන් මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් ඇති අතර තුවාල ලැබූ සංඛ්‍යාව 150 ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ඊයේ සිදු වූණු බෝම්බ පිපිරීම් දෙකෙන් මිය ගිය සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 150 ඉක්මවා ගිය බවයි වාර්තා වන්නේ. කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ එක් පිවිසුම් දොරටුවක් ආසන්නයේ පළමු පිපිරීම සිදුවුණා. බ්‍රිතාන්‍ය තම වැසියන් ඉවත් කරගැනීම සදහා තාවකාලිකව නවතා තිබූ හෝටලය අසල අනික් පිපිරුම සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඇමෙරිකානු මැරින් භටයින් 11 දෙනෙකු ඇතුළු සෙබලුන් 12 දෙනෙකු ද මිය ගිය පිරිස අතර වනවා. ප්‍රහාරයේ වගකීම අයිඑස් අයිඑස් සංවිධානය භාරගෙන තිබෙනවා.
කාබුල් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කනස්සල්ල පල කළ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් කියා සිටියේ සිවිල් වැසියන් ඉවත් කර ගැනීමේ කටයුතු නොකඩවා ඉදිරියට සිදු කරන බවයි. පිපිරීමට සම්බන්ධ පාර්ශ්වයන් ඉලක්ක කරගනිමින් ප්‍රහාර එල්ල කිරීමට අවශ්‍ය උපාය මාර්ගික සැලැස්ම සකසන ලෙස ද ඇමෙරිකා ජනාධිපතිවරයා එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා. මිය ගිය තම සෙබලුන්ට ගෞරව දැක්වීම පිණිස වොෂින්ටනයේ ධවල මන්දිරය ඇතුළු ස්ථාන රැසක ඇමෙරිකා ජාතික කොඩිඩ අඩකුඹු කර තිබෙනු දක්නට ලැබුණා. ඇමෙරිකා සොල්දාදුවන් කාබුල් අගනුවරින් ඉවත් කරගැනීම ලබන 31 වනදා වන විට අවසන් කරන බවද ඇමෙරිකා ජනාධිපතිවරයා පවසනවා. ඇමෙරිකාව ත්‍රස්තවාදීන්ට බිය නොමැති බවත් ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත කණ්ඩායමට කිසිදු සමාවක් නොදෙන බවත් ඔහු අවධාරණය කර සිටිනවා. ඇමෙරිකානු සෙබලුන්ගේ මැදිහත්වීමෙන් ලක්ෂයක්ට වැඩි ඇෆ්ගන්වැසියන් පිරිසක් විදේශයන්ට රැගෙන යාම මේ වන විට සිදු කර තිබෙනවා. ඒ පසුගිය 15 වැනිදා කාබුල් අගනුවර තලෙයිබාන් සංවිධානය අතට පත්වීමෙන් පසුවයි. ඉතිහාසයේ සිදු වූ විශාලතම ගුවන් මගින් පිරිස් මුදාගැනීමේ මෙහෙයුම මෙය ලෙස සැලකෙනවා. කාබුල් ගුවන්තොටුපල පරිශ්‍රය ඉලක්ක කරගනිමින් බෝම්බ ප්‍රහාර එල්ල කළ අයිසිස් කේ ත්‍රස්ත කල්ලිය ඇෆ්ගනිස්ථානයේ කොරසාන් පලාතෙන් බිහි වූ ත්‍රස්ත කල්ලියක් බවයි පැවසෙන්නේ. අසල්වැසි පකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයේ ක්‍රියාත්මක මෙම සංවිධානය තලෙයිබාන් සංවිධානයේ අණට කීකරු නොවන බිහිසුම ත්‍රස්ත කණ්ඩායමක් ලෙස සැළකෙනවා. තලෙයිබාන් සංවිධානයට ආයුධ ලබාදීම සහ මූල්‍ය කටයුතු මෙහෙයවීම ද මෙම සංවිධානය මගින් සිදුවන බවයි පැවසෙන්නේ.
මේ අතර කාබුල් ගුවන්තොටුපල සිදු වූ බෝම්බ ප්‍රහාරය බ්‍රිතාන්‍ය ප්‍රමුඛ ලොව රටවල් රැසක් හෙළා දැක තිබුණා. අපහසුතා මධ්‍යයේ වුවද තම රට වැසියන් ඉවත් කර ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බව ඔවුන් පවසනවා.
The post කාබුල්වලට බෝම්බ ගැසූ අයි එස් අයි එස්ට කිසිම සමාවක් නැහැ – බයිඩන් appeared first on ITN News.
Post a Comment