Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා වටලයි  

Add comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා වැටලීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කළා.

කහටගස්දිගිලය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සිදු කළ වැටලීමකදී ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා තුනක් මෙලෙස මුද්‍රා තැබීමට කටයුතු කළ බවයි අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේ. පාරිභෝගික ජනතාවට සහතික මිලට සහල් ලබාදීමේ අරමුණ ඇතිව රජය නිකුත් කළ ගැසට් පත්‍ර යේ විධි විධාන උල්ලංඝනය කරන පිරිස් සොයා මෙම වැටලීම් සිදු වනවා. වී අලෙවි මණ්ඩලය සතොස සහ ලියාපදිංචි මෝල් හිමියන්ට පමණක් සිය අස්වැන්න ලබාදීමට කටයුතු කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි පාරිභෝගික අධිකාරිය පැවසුවේ. එමගින් අතරමැදියන්ගේ සූරා කෑමට ලක්වීමෙන් තොරව පාරිභෝගික ජනතාවට සහන ලබාදීමට ඉඩ සැලසෙන බවද පාරිභෝගික අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් ස්ථාන භාර ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරී බී ඒ සී පී පෙරේරා මහතා පැවසුවා.

The post අනුරාධපුර දිස්ත්‍රික්කයේ ලියාපදිංචි නොකළ වී මෝල් සහ අනවසර වී ගබඩා වටලයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG