නීති විරෝධි ලෙස වැඩි මිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු මත් පැන් බෝතල් 119 ක් සමග අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් සමත් වුණා.
අත්අඩංගුවට පත් සැකකරු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ. මත්පැන් වැඩිමිලට අලෙවි කරන බවට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සිදු කළ වැටලීමකදී නිවසක ඉහළ මාලයේ සූක්ෂම ලෙස සගවා තිබූ මත් පැන් බෝතල් 119 සොයා ගැනීමට හැකි වුණා.
The post නීති විරෝධීව මත්පැන් අලෙවි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.
Post a Comment