කොරෝනා වයිරස ව්‍යාප්තිය වේගවත්වීමත් සමග පාකිස්තානයේ කරච්චි අගනුවර කොටසක් වසා දැමීමට බලධාරීන් පියවර ගත්තා.
අද දින සිට සතියක කාලයක් සදහා කරච්චි නගරයේ එක් කොටසක් පමණක් වසා දැමෙනවා. එහෙත් කරච්චි නගරයේ කඩසාප්පු බොහොමයක් වසා දැමීමටයි ව්‍යාපාරිකයින් පියවර ගෙන ඇත්තේ. ඩෙල්ටා ප්‍ර භේදය ශීඝ්‍ර යෙන් එරට තුළ ව්‍යාප්තවීම මෙම පියවර ගැනීමට හේතුවී තිබෙනවා. පසුගිය පැය 24 තුළදී පමණක් පාකිස්තානයෙන් වයිරස ආසාදිතයින් 4,500 කට ආසන්න සංඛ්‍යාවක් හමුවී ඇති අතර සිදුවී ඇති මරණ සංඛ්‍යාව 86 ක්. මේ වනවිට එරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව දසලක්ෂ තිස්පන්දහසකට ආසන්නයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 23,422 ක්.
The post පාකිස්තානයේ කරච්චි අගනුවර කොටසක් වසා දැමේ appeared first on ITN News.
Post a Comment