රත්නපුර ශික්ෂණ රෝහල සදහා අවශ්‍ය ඔක්සිජන් සිලින්ඩර රදවාගෙන යන ට්‍රොලි පනහක් ලංකා බැංකුවේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ සංගමය අද පරිත්‍යාග කළා.
මෙම ඔක්සිජන් සිලින්ඩර රදවාගෙන යන ට්‍රොලි රෝහල් අධ්‍යක්ෂ අනෝජ් රොද්‍රිගෝ මහතා වෙත බාරදීම ලංකා බැංකුවේ රත්නපුර දිස්ත්‍රික් විශ්‍රාමිකයන්ගේ සංගමයේ නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් සිදුවුණා. මේ සදහා වැය වූ මුදල රුපියල් ලක්ෂ හයක්.
මේ අතර තායිවාන් සූචි බෞද්ධ සහන සේවා පදනමද ජම්බෝ ඔක්සිජන් සිලින්ඩර සියයක් කළුතර දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතා වෙත භාරදීම සිදුකළා. ඔක්සිජන් සිලින්ඩර තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ හැට පහක්. මෙම අවස්ථාවට තායිවාන් සූචි බෞද්ධ සහන සේවා පදනමේ නියෝජිතයන් පිරිසක්ද එක්ව සිටියා.
The post ලංකා බැංකුවේ විශ්‍රාමිකයන්ගෙන් රත්නපුර රෝහලට ඔක්සිජන් ට්‍රොලි 50ක් appeared first on ITN News.
Post a Comment