Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතාව  

Add comments

කොරියානු තානාපතිවරයා හමුවූ විදේශ අමාත්‍යවරයා ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතා පිළිබඳව අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති සන්තුෂ් වුන්ජින් ජියොන්ග් මහතා විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍යාංශයේ දී හමුවිය.

විදේශ අමාත්‍යවරයාගේ නව කාර්යභාරය පිළිබඳව සිය අවංක ප්‍රශංසාව පුද කළ තානාපති වුන්ජින්මහතා, අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික කටයුතුවල දී ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා සිය රටේ කැපවීම යළි අවධාරණය කළේය.

අධ්‍යාපනය, විද්‍යාව, තොරතුරු තාක්‍ෂණය, ඩිජිටල්කරණය, ඖෂධ නිෂ්පාදනය, ශ්‍රම සංක්‍රමණය, පුද්ගලාන්තර හුවමාරු සහ බහුපාර්ශ්වික කටයුතු පිළිබඳ හවුල්කාරිත්වය ඇතුළුව, දැනට පවතින සහ වියහැකි පුළුල් පරාසයක සහයෝගීතාව කෙරෙහි මෙම සාකච්ඡා කේන්ද්‍රගත විය. දෙරට අතර පුරවැසියන්, ව්‍යාපාර සහ ආයතන අතර ඍජු හා ඵලදායී හුවමාරු සිදුකර ගැනීමට හැකි වීම පිණිස, ශ්‍රී ලංකාවේ කොරියානු භාෂා අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැදගත්කම පිළිබඳව විශේෂයෙන් අවධාරණය කෙරිණි.

මෙම රැස්වීමේ දී, අඛණ්ඩව දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ ගෙනඑන, තවදුරටත් ව්‍යාප්ත කිරීමේ හැකියාව සහිත ශ්‍රී ලංකා-කොරියානු ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත්කම පිළිබඳව විදේශ අමාත්‍ය පීරිස් මහතා නැවත අවධාරණය කළ අතර, තානාපති වුන්ජින් මැතිතුමා ශ්‍රී ලංකාව සහ එහි ජනතාව කෙරෙහි දක්වන හැඟීම් අගය කරන බව ද පැවසීය.

දෙරට අතර නව සංවර්ධන ව්‍යාපෘති සහ ආයෝජන සඳහා විවිධාංගීකරණය කළ හැකි වෙළෙඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම සඳහා තවදුරටත් මාර්ග සෙවීමට ඔවුහු එකඟ වූහ.

මෙම හමුව සඳහා විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා ඇතුළු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් ද සහභාගී විය.

The post ශ්‍රී ලංකාව සහ කොරියාව අතර සබඳතා වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතාව appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG